Nicotto Town



おとといきやがれらびゅりんとす 百会いち

agosto 16 mercoledi ☀︎ 35/25℃

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්  sri lanka

යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුව එහි 34 වෙනි සමුළුව බ්‍රසීලියාහි දී පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් සහ හවායිහි පපහානෝමොකුවාකියා ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කලේය.[1] මෙම උරුමයට සමනළ අඩවිය රක්ෂිතය, හෝටන් තැන්න ජාතික උද්‍යානය, නකල්ස් සංරක්ෂිත වනාන්තරය අයත් වේ. මේවා වැසි වනාන්තර වන අතර උච්චය මුහුදු මට්ටමේ සිට 2,500 මීටර (8,200 ft) දක්වා ළඟා වේ. මෙම ප්‍රදේශය වලස් වඳුරා (කළු වඳුරු උපවිශේෂයක්) සහ හෝටන් තැන්න උනහපුලුවා (රත් උනහපුලු උපවිශේෂයක්) ඇතුළු විවිධ ක්ෂීරපායි ජීවී විශේෂ කිහිපයකටම රැකවරණය සළසයි.[2]

මෙය ශ්‍රී ලංකාවේ 1988 දී සිංහරාජ රක්ෂිත වනාන්තරය නම් කිරීමෙන් අනතුරුව, වර්ෂ 22 කින් ප්‍රකාශයට පත් කල ප්‍රථම ලෝක උරුමයයි.[3] මුලින් මිශ්‍ර ස්වභාවික සහ සංස්කෘතික උරුමයක් ලෙස යෝජනාව භාර දුන් නමුත් කමිටුව පිලිගත්තේ උරුමයේ ස්වභාවික අගයන් පමණි.[4]





Copyright © 2024 SMILE-LAB Co., Ltd. All Rights Reserved.